News

IPL වලින් පස්සේ ලංකාවෙදි KSPL

දක්ෂතා පිරි පාසල් ක‍්‍රි‍කට් ක‍්‍රීඩකයින් හදුනාගැනීමේ අරමුණ ඇතිව පන්දුවාර විස්සයි විස්ස තරගාවලියක් සංවිධානය කර ඇත. Kandy School Premier League ලෙස නම්කර ඇති මෙම තරගාවලිය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක‍්‍රීඩා අංශයේ අධීක්ෂණය යටතේ සංවිධානය කොට ඇත.

මෙම තරගාවලිය සදහා මහනුවර ප‍්‍රධාන පෙලේ පාසල් 6ක් තරග වැදීමට නියමිතව ඇත. එහිදී ධර්මරාජ විදුහල කිංස්ව්ඩ් විදුහල ශාන්ත සිල්වෙස්තර විදුහල ශාන්ත අන්තෝනි විදුහල ත‍්‍රිත්ව විදුහල හා විද්‍යාර්ථ විදුහල තරග වැදීමට නියමිතය.

මෙම තරගාවලිය අපේ‍්‍රල් මස 6 හා 7 යන දෙදින තුල මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න