News

Abu Dhabi T10 තරගාවලියට ලංකාවෙන් 12ක්

සිව්වන වරටත් පැවැත්වෙන අබුඩාබි තරගාවලිය සදහා ක‍්‍රීඩක වෙන්දේසිය පැවැත්වුනා. එහිදී කණ්ඩායම් 8ක් සදහා කී‍්‍රඩකයින් තෝරා ගනු ලැබූ අතර එහිදී ශ‍්‍රි ලංකා කී‍්‍රඩකයින් 12 දෙනෙකු දිල්ලි බුල්ස් ටීම් අපුඩාබි නොර්ත් වොරියස් ඩෙකෑන් ග්ලෑඩියේටස් බංග්ලා ටයිගර්ස් සහ පූනේ ඩෙවිල්ස් යන කණ්ඩායම් විසින් මිලදී ගනු ලැබුවා. නමුත් මෙවර මරතා අරාබියන්ස් සහ කලන්දර්ස් යන කණ්ඩායම් සදහා කිසිදු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෙක් ඇතුලත්ව නැහැ.

බංග්ලා ටයිගර්ස් – ඉසුරු උදාන (Icon Player)
පූනෙ ඩෙවිල්ස් – තිසර පෙරේරා (Icon Player) චාමර කපුගෙදර, අජන්ත මෙන්ඩිස්
දිල්ලි බුල්ස් – දසුන් ශානක, දුෂ්මන්ත චමීර
ටීම් අබුඩාබි – අවිශ්ක ප‍්‍රනාන්දු
නෝර්ත් වොරියස් – නුවන් ප‍්‍රදීප්, මහේෂ් තීක්ෂණ
ඩෙකෑන් ග්ලැඩියේටස් – වනිදු හසරංග, ලහිරු කුමාර, භානුක රාජපක්ෂ

තරගාවලිය 2021 වර්ෂයේ ජනවාරි 28 වනදා අබුඩාබි හිදී ආරම්බ වීමට නියමිතයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න