News

සුපිරි පන්දුවාරයෙන් ජය කොල්කටාවට

න්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 35වන තරගය අබුඩාබි හිදී සන්රයිසස් හයිද‍්‍රබාද් පිල හා කොල්කටා නයිට් රයිඩර්ස් පිල අතර පැවැත්විණි. තරගයේ ලකුණු සම වීම නිසා සුපිරි පන්දුවාරයක් කි‍්‍රයාත්මක වූ අතර ඉන් සුපිරි පන්දුවාරයේ ජයග‍්‍රහණය හිමි කරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් හයිද‍්‍රාබාද් නායක ඩේවිඩ් වෝර්නර් කාසියේ වාසිය දිනාගෙන පලමුවෙන් පන්දු රැුකීමට තීරණය කල අතර හයිද‍්‍රාබාද් ආරාධනයෙන් පිටියට පිවිසි කොල්කටා ක‍්‍රීඩකයින් ඔවුන්ගේ පන්දුවාරර 20 අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ගැනීමට සමත් විය. එහිදී ෂුබ්මන් ගිල් 36ක්ද ඉයන් මෝර්ගන් 34ක්ද රැුස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී නටරාජන් කඩුලු දෙකක් බිදදැමීමට සමත් විය.

ලකුණු 164ක ජයග‍්‍රාහි ඉලක්කයක් හබායාමට පිටියට පිවිසි හයිද‍්‍රබාද් පිලට සාර්ථක ආරම්භයක් ලබා දීමට ජොනී බෙස්ටෝ සහ කේන් විලියම් සන් සමත් විය. ඔවුන් පලමු කඩුල්ලට ලකුණු 57ක් එක් කිරිමට සමත් විය. ඉන්පසු ස්ථාවර සබදතා ගොඩනගා ගැනීමට හයිද‍්‍රබාද් කී‍්‍රඩකයින් සමත් නොවූ අතර විටින් විට කඩුලු බිදවැටිණි. නමුත් නායක ඩේවිඩ් වෝර්නර් කඩුල්ලෙ රැුදී සිටිමින් නොදැවී ලකුණු 47ක් ලබා ගැනීමට සමත් විය. නමුත් හයිද‍්‍රාබාද් පිලද පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 163ක් ලබා ගැනීම නිසා තරගයේ ජයග‍්‍රහණය තීරණය කිරීම සදහා සුපිරි පන්දුවාරයක් කි‍්‍රයාත්මක විය.

සුපිරි පන්දුවාරයේදී පලමුව පන්දුවට පහර දුන් හයිද‍්‍රාබාද් කී‍්‍රඩකයින් ෆර්ගසන් කි‍්‍රයාත්මක් කල පන්දුවාරයේදී පන්දු 3කදී කඩුලු දෙකක් දැවී ලකුණු 2ක් ලබා ගැනීමට සමත් වූ අතර සුපරි පන්දු වාරයේදී ලකුණු 3ක් ලබා ගැනීමට පිටියට පිවිසි කොල්කටා කී‍්‍රඩකයින් රෂීඩ් කාන් කි‍්‍රයාත්මක කල පන්දුවාරයේ පන්දු 4කදී ජයග‍්‍රාහී සීමාව පසු කිරීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න