Did you know?FactsNews

ශී‍්‍ර ලංකාවට වසර 2කට නායකයන් 6යි

ශී‍්‍ර ලංකා කණ්ඩායම ඔවුන්ගේ අසීරිම සමය ගෙවමින් සිටියි. 2017 – 2018 වර්ෂයන්හිදී ශී‍්‍ර ලංකාව එක්දින ජාත්‍යන්තර තරග 46කට මුහුණ දී ඉන් තරග 33ක් පරාජයට පත්ව ඇත. ජයග‍්‍රහණය කොට ඇත්තෙ තරග 11ක් පමණි. තරග 02ක් තීරණයකින් තොරව අවසන්ව ඇත. මේ කාලය ඇතුලත කණ්ඩායමේ නායකත්වයට කී‍්‍රඩකයන් 6 දෙනෙක් යොදා ගෙන ඇති අතර ඔවුන් වරින් වර 10 වතාවකටත් අධික ප‍්‍රමාණයකදී විටින් විට මාරු කරඇත.

2017 වර්ෂයේදී පමණක් කණ්ඩායමේ නායකත්වය සදහා ක‍්‍රීඩකයන් 5දෙනෙකු යොදාගෙන ඇති අතර එම වසරේ තරග 29කින් ජයග‍්‍රණය කර ඇත්තෙ තරග 05ක් පමණි. මෙහිදී ඇන්ජෙලෝ මැතිව්ස්, උපුල් තරංග, චාමර කපුගෙදර, ලසිත් මාලිංග හා තිසර පෙරේරා කණ්ඩායමේ නායකයා වශයෙන් යොදාගෙන ඇත.

එසේම 2018 වසරේදී වරින් වර ඇන්ජෙලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් අතර නායකත්වය දෝලනය වූ අතර එම වසරේ ශී‍්‍ර ලංකාව මුහුණ දුන් තරග 17න් තරග 10ක් පරාජයට පත්ව තරග 06ක් පමණක් ජය ගැනීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න