News

ලංකාවේදී යැවූ අවසන් පන්දුවෙන් කඩුල්ලක් දවාගත් ශී‍්‍ර ලාංකිකයෝ

ශ‍්‍රී ලංකාවේ තමන් කී‍්‍රඩාකල අවසාන එක්දින ජාත්‍යන්තර තරගයේ තමන් යැවූ අවසන් පන්දුවේදී කඩුල්ලක් දවා ගැනීමට හැකිවීම යනු එම කී‍්‍රඩයාගේ කී‍්‍රඩා දිවියේ වැදගත් සන්ධිස්ථානයකි. එවැනි ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු ගැන අසන්නට ලැබේ.

මුත්තයියා මුරලිදරන්

ලොව එදා මෙදා තුර බිහිවූ දක්ෂතම දගපන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් මෙරට තුල කී‍්‍රඩා කල අවසන් තරගයේදි ඔහු යැවූ අවසන් පන්දුවෙන් කඩුල්ලක් දවාගැනීමට සමත් වූ අවසන් පන්දු යවන්නාය. ඒ අනුව 2011 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සමග පැවති අවසන් පූර්ව වටයේ තරගයේදී මුත්තයියා මුරලිදරන් විසින් ඔහු යැවූ 10වන පන්දුවාරයේ සහ තරගයේ 47වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී ස්කොට් ස්ටයිරිස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගනිමින් දවාගැනීමට සමත් විය.

මහේල ජයවර්ධන

තාක්ෂණයෙන් අනූන පිතිකරුවෙකු හා ශී‍්‍ර ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධනද ඔහු ශ‍්‍රී ලංකාවේදී කී‍්‍රඩා කල අවසන් තරගයේදී ඔහු යැවූ පන්දු වාරයේදී කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව 2014 වර්ෂයේ පැවති තරග 7කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගයේදීය. එම තරගයේ 46 වන පන්දුවාරය යැවූ මහේල ජයවර්ධන විසින් එංගලන්ත පිලේ අවසන් කඩුල්ල වශයෙන් ජේම්ස් ටෙ‍්‍රඩ්වෙල්ගේ කඩුල්ල දවාගැනීමට සමත් වීමත් සමග තරගය නිමා විය.

ලසිත් මාලිංග

ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග විසින් ඔහු මෙරදී යැවූ අවසන් තරගයේදී කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. ඒ 2019 වර්ෂයේ බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පලමු තරගයේදීය. එය ලසිත් මාලිංගගේ එක්දින ක‍්‍රිකට් දිවියේ අවසන් තරගයද විය. එහිදී බංගලාදේශ කණ්ඩායමට එරෙහිව 42 වන පන්දුවාරය කි‍්‍රයාත්මක කල ලසිත් මාලිංග විසින් එම පන්දු වාරයේ 4 වන පන්දුවේදී බංගලාදේශ පිලේ අවසන් කඩුල්ල ලෙස මස්තවිෆූර් රහමාන් දවාගැනීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න