News

මුම්බායි පිලට කඩුලු 8ක විශිෂ්ඨ ජයක්

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 32වන තරගය අබුඩාබි හිදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල හා මුම්බායි ඉන්දියන්ස් පිල අතර පැවති අතර තරගයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගෙන ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි කොල්කටා කී‍්‍රඩකයින්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය. ලකුණු 61ක් වන විට කොල්කටා පිලේ කඩුලු 5ක් දවා ගැනීමට මුම්බායි පන්දුයවන්නන් සමත් විය. නමුත් ඉන්පසුව පිටියේ එක් වූ නායක ඉයන් මෝගන් හා පැට් කමින්ස් එක්ව 6වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක නොබිදුනු සබදතාවක් ගොඩනැගීමට සමත් විය. එහිදී ඉයන් මෝගන් නොදැවී ලකුණු 39ක්ද පැට් කමින්ස් නොදැවී ලකුණු 53ක්ද ලබා ගත්හ. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ කොල්කටා කී‍්‍රඩකයින් කඩුලු 5ක් දැවී ලකුණු 148ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී මුම්බායි පිල වෙනුවෙන් රාහුල් චහර් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 149ක් හබා යාමට පිටියට පිවිසි මුම්බායි කී‍්‍රඩකයින් පන්දුවාර 16යි පන්දු 5කින් එම ඉලක්කය හබායාමට සමත් වූයේ කඩුලු දෙකක් බිදවැටෙමින්. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ක්වින්ටන් ඩී කොක් සහ රෝහිට් ෂර්මා පලමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක සබධතාවක් ගොඩනැගූ අතර රෝහිත් ෂර්මා ලකුණු 35කට දැවී යාමත් සමග එය බිදවැටුනි. පසුව සූර්යකුමාර් යාදෙව් ලකුණු 10ක්ද හර්දික් පාණ්ඩ්‍යා ඉක්මණ් ලකුණු 21ක් නොදැවී ලබා ගැනීමට සමත් විය. එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ක්වින්ටන් ඩී කොක් නොදැවී ලකුණු 78ක්ද ලබා ගැනීඹට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න