News

පංජාබය නොකඩවා ජයග‍්‍රහණය තුනයි

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 38 වන තරගය කිංග්ස් ඉලවන් පංජාබ් පිල හා දිල්ලි කැපිටල්ස් පිල අතර ඩුබායි හිදී පැවති අතර ඉන් කඩුලු පහක ජයක් හිමි කරගැනීමට කිංග්ස් ඉලවන් පංජාබ් පිල සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල් කණ්ඩායම ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට සමත් විය. එහිදී විශිෂ්ඨ ඉනිමක් කී‍්‍රඩා කල ශිකර් ධවාන් පන්දු 61කදී හතරේ පහරවල් 12ක් සහ හයේ පහරවල් 3ක් සමග නොදැවී ලකුණු 106ක් ලබා ගත්තේය. නමුත් අනිත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට පංජාබ් පන්දුයවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. පන්දු යැවීමේදී මොහොමඩ් ෂමී කඩුලු දෙකක් බිදදැමීමට සමත් විය.

ලකුණු 165ක ජයග‍්‍රාහී ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි පංජාබ් කී‍්‍රඩකයින් පන්දුවාර 19කදී කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගැනීමට සමත් විය. පන්දු 28කින් ලකුණු 53ක් රැුස්කල නිකලස් පූරන් පංජාබ් ජයග‍්‍රහණයට මගසැලසීය. එසේම කි‍්‍රස්ගේල් පන්දු 13කින් ලකුණු 29ක් සහ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 32ක් ලබා ගැනීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න