News

ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයෝ පාකිස්ථානයට යාමට අකමැති වෙයි

එලඹෙන පාකිස්ථාන සංචාරයට එක් වීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් අකමැත්ත පලකර ඇති බව වාර්ථාවෙයි. ඒ අනුව දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, ඇන්ජෙලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් යන කී‍්‍රඩකයන් පාකිස්ථානු සංචාරයට සහභාගි වීමට සිය අකමැත්ත පල කර ඇත.

ශී‍්‍ර ලංකා පිලේ පාකිස්ථානු සංචාරයේදී ශ‍්‍රී ලංකා පිලට සැපයෙන ආරක්ෂාව පිලිබද දැනුවත් කිරීමක් අද දින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේදී පැවති අතර ඒ සදහා ජාතික කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩකයින් රැුසක් එක්ව සිටියහ. තරගාවලිය එක්දින තරග 3කින් හා විස්සයි විස්ස තරග 3කින් සමන්විත වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න