News

ගාල්ල සමග අවසන් සටනට යාපනය සුදුසුකම් ලබයි

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සහදා සුදුසුකම් ලැබීමට ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම සමත්විය. කාසියේ වාසියේ දිනාගත් දඹුල්ල වයිකින්ස් නායක දසුන් ශානක පලමුවෙන් පන්දු යැවීමට තීරණය කලේය.
දඹුල්ල ආරධානයෙන් පිටියට පිවිසි ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම ඔවුන්ගේ පන්දුවාර 20 තුල කඩුලූ 9ක් දැවී ලකුණු 165ක් ලබා ගැනීමට සමත් විය. එහිදී ජොන්සන් චාල්ස් පන්දු 56කින් ලකුණු 76ක් වාර්ථා කලේය. පන්දු යැවීමේදී දඹුල්ල ග්ලෑඩියේටස් කණ්ඩායම වෙනුවෙන් මලින්ද පුෂකුමාර කඩුලූ 2ක් දවා ගැනීමට සමත් විය.
ලකුණු 166ක ජයග‍්‍රාහී ඉලක්කයක් හබායාමට පිටියට පිවිසි දඹුල්ල වයිකින්ස් කණ්ඩායමට සාර්ථක වීමට ජැෆ්නා ස්ටැලියන් පන්දුයවන්නන් අවස්ථාවක් ලබා නොදුන් අතර සබදතා ඇති වීමට පෙර කඩුලූ දවාගැනීමට ඔවුන් සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග ලකුණු 33ක් ලබා ගැනීමට සමත් විය. අවසානයේ පන්දුවාර 19යි පන්දු 1ක් තුළ දඹුල්ල පිල සියලූදෙනා දැවී ලකුණු 128ක් ලබා ගත් අතර ඒ අනුව ලකුණු 37ක ජයක්ග‍්‍රහණයක් ලබා ගැනීමට ජැෆ්නා ස්ටැලියන් පිලට හැකිවිය. පන්දු යැවීමේදී ජැෆ්නා ස්ටැලියන් පිල වෙනුවෙන් වනිදු හසරංග ලකුණු 15කට කඩුලූ 3ක් දවා ගැනීඹට සමත් විය.
ඒ අනුව ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ජැෆ්නා ස්ටැලියන් පිල හා ගෝල් ග්ලෑඩියේටස් පිල අතර දෙසැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න