News

කොවිඩ් වසංගතයෙන් පසු පුහුණු වීම් ඇරඹි පලමු කණ්ඩාමය ශී‍්‍ර ලංකාව

කොවිඩ් 19 වසංගත තත්වය නිසා ලොව පුරා සියලුම කි‍්‍රකට් තරග නවතා දැමීමට සිදුවිය. ඒ ආකාරයෙන්ම ශී‍්‍ර ලංකාව තුලද සියලුම ජාත්‍යන්තර මෙන්ම දේශිය තරගද නවතා දැමීය. ඒ අනුව පුහුණුවීම් කටයුතුද නවතා දැමීමට සිදුවිය. නමුත් මෙරට තුල වෛරය යම් ප‍්‍රමාණයක පාලනයක් වී ඇති පසුබිමක මෙරය තුල නැවතත් මාස දෙකහමාරකට පසු ජූනි 01 වනදා ආරම්භ විය. ඒ සදහා වේග පන්දු යවන්නන් 6 දෙනෙකුල දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සහ තවත් පිතිකරුවන් දෙදෙනකු මූලික සැලසුමට ඇතුළත් කර තිබුණු නමුත් තවත් ක්‍රීඩකයින් දෙදෙනකු වන ධනුෂ්ක ගුණතිලක සහ කුසල් ජනිත් පෙරේරාව කැඳවීමට පුහුණුකරු මිකී ආතර් මහතා කටයුතු කර ඇත.

පුහුණු සැසිය සඳහා මුල් කාලසටහනට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින්

දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, දසුන් ශානක, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, කසුන් රජිත, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, ධනුෂ්ක ගුණතිලක

පලමු දිනයේ පුහුණු වීම් අතරතුර කී‍්‍රඩකයන් සමාජමාධ්‍ය වෙත යොමු කර තිබිණි

ප්‍රතිචාරයක් ලබාදෙන්න