NewsOn This Day

කි‍්‍රකට් ඉතිහාසයේ අදුරුම දවස මාර්තු 03

ලාහෝර් ප‍්‍රහාරය

2009 වර්ෂයේ මාර්තු 03 වනදා පාකිස්ථානය සමග පැවැති දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය සදහා ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගණයට ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයන් රැුගෙන යමින් සිටි බස් රථයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය. එහිදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් කිහිපදෙනෙක්ටම තුවාල සිදු වූ අතර එක් පාකිස්ථාන පොලිස් නිළධාරියෙක් හා සිවිල් වැසියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් විය. මෙම ප‍්‍රහාරයෙන් පසුව ටෙස්ට් තරගය නවතා දැමු අතර පාකිස්ථානය තුළ ජාත්‍යන්තර කි‍්‍රකට් තරග පැවැත්වීම නවතා දැමීමටද සිදු විය.

දකුණු අප‍්‍රිකාවත් සමග තරගය සම වීම

2003 වර්ෂයේ මාර්තු 03 වන දා ශී‍්‍ර ලංකාව හා දකුණු අප‍්‍රිකාව අතර ලෝක කුසලාන තරගාවලියේ කොටසේ තරගය පැවැත් වුන අතර එහිදී ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකාව පන්දුවාර 50 තුල කඩුලු 9කට ලකුණු 268ක් රැුස් කිරීමට සමත් විය. ඊට පිලිතුරු වශයෙන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පන්දුවාර 45ක් තුල ලකුණු කඩුලු 9කට ලකුණු 229ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා සිදු විය. ඒ අනුව ඒ වන විට දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට ජයග‍්‍රහණයට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 230ක් ලබා ගැනීමට තිබිණි. ඒ අනුව තරගය ලකුණු සම වූ තරගයක් ලෙස නිමා විය

ප්‍රතිචාරයක් ලබාදෙන්න