News

ඉන්දිය කාන්තා ප‍්‍රිමියලීග් තරගාවලියේ ශ‍්‍රී ලංකා නියෝජනය

IPL තරගාවලියේ කාන්තා තරගාවලිය වන ‘Women’s T20 Challenge 2020’ පන්දුවාර 20 කාන්තා ප්රීමියර් ලීග් තරගාවලිය නොවැම්බර් 4 වැනිදා සිට නොවැම්බර් 9 වැනිදා තෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී දෙවැනි වරට පැවැත්වීමට නියමිතය. මෙවර ඒ සදහා සහභාගි වන කණ්ඩායම් වල කී‍්‍රඩකයින් ඉන්දීය කි‍්‍රකට් ආයතනය විසින් නිවේදනය කොට ඇත. මෙහිදී ලෝකයේ රටවල් හතක් නියෝජනය කරමින් කී‍්‍රඩිකාවන් සහභාගි වන බව වාර්තා වෙයි.

එහිදී ශ‍්‍රී ලංකාවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන හා වර්ථමාන නායිකා චමරි අතපත්තු යන කී‍්‍රඩිකාවන් Supernovas කණ්ඩායමට ඇතුලත්ව ඇත. චමරි අතපත්තු විසින් පසුගිය වසරේ Women’s T20 Challenge තරගාවලියේද Supernovas කණ්ඩායම නියෝජනය කළ අතර ශෂිකලා සිරිවර්ධන Women’s T20 Challenge තරගාවලියට මෙවර ක්රීඩා කරන්නේ පළමු වරටය.

හර්මිට් කවුර්, ස්මිතී‍්‍ර මන්දානා සහ මිතාලි රාජ්ගේ නායකත්වය යටතේ Supernovas, Trailblazers සහ Velocity යන කණ්ඩායම් මෙවරද තරගාවලියට එක්වන අතර තරගාවලියේ සියලු තරග Star Sports නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න