Did you know?FactsNews

අයිසීසීයෙන් බාල්දි පෙරලු ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයන්

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයින් කිහිප දෙනෙක්ම විටින් විටි තරග තහනම් වලට ලක් වී ඇති අතර පසුව සිදු කල පරීක්ෂණයන්ගෙන් අනතුරුව එම තරග තහනම් ඉවත් කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පියවර ගෙන ඇත

මුත්තයියා මුරලිදරන්

ශී‍්‍ර ලංකාවෙන් එදා මෙදාතුර බිහි වූ ලොව සුපිරිම දගපන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් හට ඔහුගේ පන්දු යැවීම නීත්‍යානුකූල නොවන බවට චෝදනා එල්ල විය. නමුත් පසුව ඔහුගේ පන්දු යැවීම පිලිබද කරන ලද පරීක්ෂණයන්ගෙන් අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වෙ ගැටලුවක් නොමැති බවත් ඔහුට ජාත්‍යාන්තර තරග වල පන්දු යැවීමට හැකි බවත් තීරණය කරන ලදී.

සචිත‍්‍ර සේනානායක

ශී‍්‍ර ලංකාවේ දගපන්දු යවන කී‍්‍රඩක සචිත‍්‍ර සේනානායක හට ඔහුගේ පන්දු යැවීම නීත්‍යානුකූල නොවන බවට 2104දී වාර්ථා වූ අතර පසුව ඔහුට ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම තහනම් කිරීමට අයිසීසීය තීරණය කරන ලදී. පසුව සිදු කල පරීක්ෂණයන්ගෙන් අනතුරුව ඔහුගේ පන්දු යැවීම නීත්‍යානුකූල බවත් නැවත්ත ඔහුට පන්දු යැවීටම හැකි බවටත් තීරණය කරන ලදී.

තරිදු කෞෂාල්

2015 වර්ෂයේ ඉන්දියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියෙන් පසුව තරිදු කෞෂාල්ගේ පන්දු යැවීම නීත්‍යානුකූල නොවන බවට වාර්ථා විය. ඒ අනුව ඔහුට පන්දු යැවීම තහනම් කිරීමට අයිසීසීය කටයුතු කලේය. පසුව පැවති පරීක්ෂණ වලින් අනතුරුව ඔහුගේ පන්දු යැවීමට අවසර ලැබුන අතර දුස්රා පන්දු යැවීම තහනම් කරන ලදී.

කුසල් පෙරේරා

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රවේගකාරි පිතිකරු කුසල් පෙරේරා 2015 වර්ෂයේදී තහනම් උත්තේජක චෝදනාව යටතේ තරග තහනම් කිරීමට අයිසීසීය තීරණය කල අතර ඒ හේතුවෙන් ඔහුට 2016 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය අහිමි විය. නමුත් 2016 වර්ෂයේදී ඔහු තහනම් උත්තේජක භාවිතා කර නොමැති බවට තහවුරු වීමත් සමග ඔහුගේ තරග තහනම ඉවත් කරන ලදී.

ශමින්ද එරංග

ශී‍්‍ර ලංකා වේගපන්දු යවන කී‍්‍රඩක ශමින්ද එරංග 2016 වර්ෂයේදී පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බවට වාර්ථාවීම හේතුවෙන් ඔහු ජත්‍යන්තර පිටියේ පන්දු යැවීම තහනම් කිරීමට අයිසීසීය තීරණය කල අතර පසුව 2017 වර්ෂය වන විට සිදුකල පරීක්ෂණයන්ගෙන් අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බව පිලිගත් අයිසීසීය ඔහුට නැවතත් පන්දු යැවීමට අවසර ලබා දුනි

අකිල ධනංජය

ශී‍්‍ර ලංකාවේ දග පන්දු යවන කී‍්‍රඩක අකිල ධනංජයගේ පන්දු යැවීම නීත්‍යානුකූල නොවන බවට 2018 වර්ෂයේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී වාර්ථා වීම නිසා ඔහුට ජාත්‍යන්තර තරග තුලදී පන්දු යැවීම තහනම් කිරීමට අයිසීසීය තීරණය කරන ලදී. නමුත් පසුව සිදු කල පරීක්ෂණයන්ගෙන් අනතුරුව ඔහුගේ පන්දු යැවීම නීත්‍යානුකූල බවට වාර්ථා විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න