News

LPL තරගාවලියට බ්‍රෙන්ඩන් ටේලර්ගේ සහභාගී වීම ස්ථිරයි

සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු රකින කී‍්‍රඩක බ්‍රෙන්ඩන් ටේලර් තම Twitter නිල ගිණුමේ සටහනක් තබමින් මෙවර ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියට ඔහුගේ සහභාගීත්වය ස්ථීර බව තහවුරු කොට ඇත.

ඒ අනුව ඔහු තරගාවලියේදී කැන්ඩි ටස්කස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය. 20-20 ජාත්‍යන්තර තරග 43ක් කී‍්‍රඩා කර ඇති මොහු එහිදී ලකුණු 909 ක් ලබා ගැනීමට සමත්ව ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න