News

BBL තරගාවලියේ ජය සිඩ්නි සික්සස් කණ්ඩායටම

මෙවර ඔස්ටේ‍්‍රලියානු බිග්බෑෂ් තරගාවලියේ අවසන් මහා තරගයේදී මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ ජය ලබා ගැනීමට සිඩ්නි සික්සස් කණ්ඩායම සමත් විය. වර්ෂාවෙන් බාධා වූ තරගය එක් පිලකට පන්දුවාර 12කට සීමා කිරිමට සිදුවිය.
සිඩ්නි කී‍්‍රඩා පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් මෙල්බර්න් ස්ටාර්ස් පිලේ නායක ග්ලේන් මැක්ස්වෙල් පලමුව පන්දු රැුකීමට තීරණය කල අතර ඒ අනුව පන්දුවට පහර දීම සදහා පිටියට පිවිසි සිඩ්නි සික්සස් පිල සිය පන්දුවාර 12 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 116 ක් ලබා ගැනීමට සමත් විය. එහිදී ජොෂ් පිලිප් පන්දු 29 කින් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් විය. මෙල්බර්න් ස්ටාර්ස් පිල වෙනුවෙන් පන්දු යැවීමේදී ඇඩම් සම්පා හා ග්ලේන් මැක්ස්වෙල් කඩුලු දෙක බැගින් බිද හෙලීමට සමත් විය.

ලකුණු 117ක ජයග‍්‍රාහී ඉලක්කයක් හබා ගිය මෙල්බර්න් ස්ටාර්ස් පිලට සිය පන්දුවාර 12 අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 97ක් පමණි. එහිදී සිඩ්නි සික්සස් පිල වෙනුවෙන් පන්දු යැවීමේදී නේදන් ලයන් සහ ස්ටීව් ඔකීෆ කඩුලු 2ක බැගින් බිද හෙලීමට සමත් වූ අතර මෙල්බර්න් ස්ටාර්ස් පිල වෙනුවෙන් ලකුණු 38ක් ලබා ගත් නික් ලර්කින් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ඒ අනුව ලකුණු 19 ජයක් සිඩ්නි සික්සස් පිලට හිමි විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න