News

2023 ලෝක කුසලනයෙන් ලංකාව හැලෙයිද

නිමා වූ බංග්ලාදේශට සහ මේ දින වල පැවැත්වෙන එංගලන්ත සංචාරය සදහා තරුණ කී‍්‍රඩකයින් රැුසකගෙන් සමන්විත සංචිත නම් කර තිබුණි. ප‍්‍රථඵලය උනේ තරගාවලි දෙකම පරාජයට පත් වීමයි. කණගාටුවට කරුණ නම් තරගාවලි දෙකම එක් තරගයන් ඉතිරිව තිබියදී ප‍්‍රතිවාදීන් තරගාවලිය ජයග‍්‍රහණය කිරීමයි.

එලඹෙන 2023 ලෝක කුසලානය ඉලක්ක කරගෙන මෙම වෙනස්කම් සිදු කර නවක කී‍්‍රඩකයන්ට අත්දැකීම් ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බව වරෙක තේරීම් කමිටුව සදහන් කර තිබුණි. නමුත් මේ වන විට ICC Cricket World Cup Super League ප‍්‍රසාද ලකුණු සටහනේ කණ්ඩායම් 13ක් අතරින් 13 වන ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකාවට හිමිව ඇත්තේ ප‍්‍රසාද ලකුණු 8ක් පමණි.

මෙම ICC Cricket World Cup Super League ප‍්‍රසාද ලකුණු සටහනට ප‍්‍රසාද ලකුණු හිමිවන තරගාවලි 8කට සෑම කණ්ඩායමක්ම මුහුණදිය යුතු අතර තරගාවලි 4ක් සත්කාරක රට ලෙසද තරගාවලි 4ක් සංචාරක කණාඩායම ලෙසද සහභාගී වීමට සිදුවේ. ඒ අනුව එම තරගාවලි අවසානයේ ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහලින් සිටින කණ්ඩායම් 7 ක් සහ සත්කාරකත්වය දරණ ඉන්දීය කණ්ඩායම ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබන අතර ප‍්‍රසාද ලකුණු සටහනේ පහළින් සිටින් කණ්ඩායම් 5 සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරග සදහා සහභාගි වීමට සිදුවේ. 

ශී‍්‍ර ලංකාව මේ වන විට එම ICC Cricket World Cup Super League ප‍්‍රසාද ලකුණු සටහනට අනුව සංචාරක කණ්ඩායම ලෙස මුහුණ දෙන තරගාවලි 4න් තරගාවලි 3කට මුහුණ දී අවසානය. එම තරගාවලි 3ම පරාජයට පත් වී ඇත. ජයගෙන ඇත්තේ තරග 8කින් එක් තරගයක් පමණි.

නවක කි‍්‍රඩකයන්ට අවස්ථාව ලබා දී අත්දැකීම් ලබා දීම කලයුතුය. එසේම නවක කී‍්‍රඩකයන් ලෝක කුසලානය වෙනුවෙන් සූදානම් කල යුතුය. නමුත් එම සුදානම් වන කී‍්‍රඩකයින් ලෝක කුසලාන තරගාවලියක කී‍්‍රඩා කිරීමට පෙර ලෝක කුසලනයට සුදුසුකම් ලබා සිටිය යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න