News

2020 ලෝක කුසලානයේදී ශ‍්‍රී ලංකාව කොතැනද

එලඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේදී 2014 වර්ෂයේදී විස්සයි විස්ස ලෝක ශූරයන් වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේ තරග සදහා සහභාගී වීමට සිදුව ඇත. ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලානය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් සුදුසුකම් ලැබූ කණ්ඩායම් 6ක් සමග මූලික වටයේ කී‍්‍රඩා කිරීමට බංගලාදේශයට හා ශී‍්‍ර ලංකාවට සිදුවෙයි.

මේ ආකාරයෙන් සුදුසුකම් ලැබිමේ තරගාවලියෙන් එලඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුකම් ලබා ගැනීමට පැපුවා නිව්ගිනියාව ඔ්මානය අයර්ලන්තය නෙදර්ලන්තය ස්කොට්ලන්තය හා නැමීබියාව යන කණ්ඩායම් අවස්ථාව උදාකරගන්නා ලදී. ඒ අනුව මෙම කණ්ඩායම් 6 සහ ශ‍්‍රී ලංකාව හා බංගලාදේශය එලඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේදී මූලික වටයේදී තරග වැදීමට නියමිතය.

මූලික වටයේ තරග සදහා මෙම කණ්ඩායම් 8 ඛාණ්ඩ දෙකකින් තරග වැදීමෙන් අනතුරුව ඛාණ්ඩ දෙකෙන් ඉහලින් සිටින කණ්ඩායම 4 සදහා සුපිරි 12දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවනු ඇති අතර එහිදී ඉන්දියාව පාකිස්ථානය ඔ්ස්ටේ‍්‍රලියාව නවසීලන්තය එංගලන්තය ඇෆ්ගනිස්ථානය දකුණු අපි‍්‍රකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමග තරග වැදීමට සිදුවෙයි.

ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම මූලික වටයේදී ඒ කාණ්ඩයෙන්ද බංගලාදේශ කණ්ඩායම බී කාණ්ඩයෙන්ද තරගාවලියට මුහුණ දීමට සිදුවනු ඇත.

“ඒ” කාණ්ඩය සදහා ශී‍්‍ර ලංකාව පැපුවා නිව් ගිනියාව අයර්ලන්තය හා ඔ්මානය යන කණ්ඩායම් ඇතුලත්ව ඇති අතර
“බී” කාණ්ඩය සදහා බංගලාදේශය නෙදර්ලන්තය ස්කොට්ලන්තය හා නැමීබියා යන කණ්ඩායම් ඇතුලත්ව ඇත.

තරගාවලියේ පලමු තරගය 2020 වසරේ ඔක්තෝම්බර් මස 18 වන දින ශී‍්‍ර ලංකාව හා අයර්ලන්තය අතර මූලික වටයේ තරගයකින් ආරම්භ වීමට නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න