Did you know?

සුප‍්‍රකට කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ අප‍්‍රකට සුරතල් නාමයන්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ මෙන්ම ලොව සෑම කණ්ඩායමකම කී‍්‍රඩකයන්ට ඔවුන්ට ආවේනික වූ විශේෂිත සුරතල් නාමයන් භාවිතා කිරීම ඉතා සුලභය. එම බොහෝ නාමයන් පටබැදී ඇත්තේ ඔවුන්ගේ නම කෙටිකිරීමෙනි. එනම් කුමාර් සංගක්කාර සංගා ලෙස මහේල ජයවර්ධන මහියා ලෙස මුත්තයියා මුරලිදරන් මුරලි ලෙස ඇන්ජෙලෝ මැතිවුස් ඇන්ජි ලෙස නම් කෙටි කර සුරතල් නාමයන් භාවිතා කරයි.
නමුත් මීට අමතරව වෙනත් සිදුවීම් හා වෙනත් ආකාරයේ විශේෂ නම් වලින් පිටිය තුලදී කී‍්‍රඩකයන් අමතන අවස්ථා ස්ටම්ප් මයික් එසේ නැත්නම් කඩුල්ලේ සවිකර ඇති මයික‍්‍රෆෝනය හරහා අසන්නට ලැබේ. එවැනි නම් කීපයක් පිලිබද සොයා බලමු

01. PHT – තරිදු කෞෂාල්

දගපන්දු යවන කී‍්‍රඩක තරිදු කෞෂාල් පිටිය තුලදී “PHT” ලෙස හදුන්වනු ලබනු අසන්නට ලැබේ. ඒ ඔහුගේ සම්පූර්ණ නම PASKUWAL HANDI THARINDU KAUSHAL වන අතර ඒ නම් වල පලමු අකුරු එක් කර “PHT” ලෙස තරිදු කෞෂාල් අමතනු ලබයි.

02. කෞෂී – කෞෂාල් සිල්වා

බැලූ බැල්මට කාන්තාවගේ නමක් ලෙස පෙනුනද එය ශී‍්‍ර ලංකාවේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වාගේ සුරතල් නාමයයි. කෞෂාල් යන කොටස කෙටි කොට “කෞෂි” යන අන්වර්ථ නිමය ඔහුට ලැබී ඇත.

03. පැන්ඩා – තිසර පෙරේරා

“පැන්ඩා” යනු තිසර පෙරේරාට ඇති තවත් එක අන්වර්ථ නාමයකි. ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ජෝර්ජ් බේලි විසින් මෙම නම තිසර පෙරේරාට බිග්බෑෂ් තරගාවලියකට සහභාගි වූ අවස්ථාවක මෙම නම පට බැද ඇත.

04. ගප්පියා – රසල් ආර්නල්ඩ්

ශී‍්‍ර ලංකාවේ හිටපු තුන් ඉරියව් කී‍්‍රඩක රසල් ආර්නල්ඩ් කණ්ඩායම අතර ජනපි‍්‍රයව ඇත්තේ “ගප්පියා” ලෙසය. එයට හේතුව කුමක් දැයි නිෂ්චිතව කිව නොහැකි අතර ආර්නල්ඩ්ගේ ශරීර හැඩය එතරම් හැදිදැඩි නොවීම මෙයට හේතුවක් විය හැක.

05. බබරා – මිලින්ද සිරිවර්ධන

ශී‍්‍ර ලංකාවේ තුන් ඉරියව් කී‍්‍රඩක මිලින්ද සිරිවර්ධන හදුන්වන තවත් නමක් ලෙස “බබරා” පෙන්වා දිය හැක. ඒ ඔහු මීට කලකට පෙර ජනපි‍්‍රය ගීතයක් වූ රොනට මත් උන බබර පැටික්කා ගීතයේ රූපරචනයට රංගනයෙන් දායක වීමයි.

06. සිරා – නුවන් ප‍්‍රදීප්

වේග පන්දු යවන කී‍්‍රඩක නුවන් ප‍්‍රදීප් කණ්ඩායමේ ජනප‍්‍රියව ඇත්තේ “සිරා” යන අන්වර්ත නාමයෙනි. එයට හේතු වී ඇත්තෙ ඔහු සිරස ටීවී ආයතනය විසින් සංවිධානය කල සැහැල්ලු පන්දු තරගාවලියකින් ජාතික කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ වරම් හිමිකරගත් නිසාය.

07. රනේ – අකිල ධනංජය

දගපන්දු යවන කී‍්‍රඩක අකිල ධනංජය “රනේ” ලෙස හදුන්වනු ලබයි. එයට හේතු වී ඇත්තේ දෙරණ නාලිකාවේ විකාශය වන ජනපි‍්‍රය ටෙලිනාට්‍යයේ සිටින රනේ නම් චරිතයට පන පොවන තැනැත්තා හා අකිල ධනංජය රූපයෙන් යම් සමාන කමක් තිබීමයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න