News

සුපිරි පන්දුවාර දෙකේ තරගයේ ජය පංජාබයට

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 36වන තරගය බුඩායි හිදී කින්ග්ස් ඉලවන් පංජාබ් පිල හා මුම්බායි ඉන්දියන්ස් පිල අතර පැවැත්විණි. තරගයේ ජයග‍්‍රහණය දෙවන සුපිරි පන්දුවාර වටයේදී හිමි කරගැනීමට කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් පිලේ නායක රෝහිත් ෂර්මා ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට තිරණය කලේය. නමුත් ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර ලකුණු 38කට කඩුලු 3ක් දවා ගැනීමට පන්ජාබ් පන්දු යවන්නන් සමත් විය. නමුත් ඉන්පසුව ක්වින්ටන් ඩීකොක් සමග පිටියේ එක් වූ කුනාල් පාණ්ඩ්‍යා හතරවන කඩුල්ල වෙනුවෙන් 58ක සබදතාවක් ගොඩනැගීමට සමත් විය. කුනාල් පාණ්ඩ්‍යා ලකුණු 34ක් ලබාගත්තෙය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ක්වින්ටන් ඩීකොක් ලකුණු 53ක් රැුස්කලේය. ඉනිමේ අවසන් භාගයේදී පිටියේ එක් වූ කිරන් පොලාඩ් පන්දු 12කින් නොදැවී ලකුණු 34ක්ද නාදන් ක්වන්ටර්නේල් පන්දු 12කින් නොදැවී ලකුණු 24ක්ද එක් කලේය. ඒ අනුව මුම්බායි පිල පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 176ක් රැුස්කිරීමට සමත්විය.

ජයග‍්‍රහණය සදහා පිටියට පිවිසි පංජාබ් කී‍්‍රඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 176ක් ලබා ගැනීමත් සමග එම තරගයේද ලකුණු සම විය. එහිදි නායක් කේඑල් රාහුල් ලකුණු 77ක් ලබා ගැනීමට සමත් විය. කි‍්‍රස්ගේල් සහ නිකලොස් පූරන් ලකුනු 24 බැගින් ලබා ගත්හ.පන්දු යැවීමේදී ජස්පි‍්‍රට් බුම්රා කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව සුපිරි පන්දුවාරයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් පංජාබ් කී‍්‍රඩකයින් බුම්රා කි‍්‍රයාත්මක කල පන්දුවාරයේදී කඩුලු දෙකක් දැවී ලකුණු 5ක් ලබාගත්හ. පංජාබ් පිල වෙනුවෙන් සුපිරි පන්දුවාරය කි‍්‍රයාත්මක කල මොහොපඩ් ෂමීගේ පන්දුවාරයට මුම්බායි කී‍්‍රඩකයින් ලකුණු 5ක් ලබාගැනීමත් සමග සුපිරි පන්දුවාරයද සම විය. ඒ අනුව ජයග‍්‍රහණය තීරණය කිරීමට නැවතත් සුපිරි පන්දුවාරයක් කි‍්‍රයාත්මක කිරීමට සිදුවිය.

ජයග‍්‍රහණය තීරණය කිරීම සදහා කි‍්‍රයාත්මක වු දෙවන සුපිරි පන්දුවාර වටයේ පලමුව පන්දුවට පහර දුන් මුම්බායි කී‍්‍රඩකයින් 1කඩුල්ලක් දැවී ලකුණු 11ක් ලබා ගැනීමට සමත් විය. ලකුණු 12ක ඉලක්කයක් හබා ගිය පන්ජාබ් පිතිකරුවන් පන්දු 4කින් එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වීමත් සමග තරගයේ ජයග‍්‍රහණය කිංග්ස් ඉලවන් පංජාබි පිලට හිමිවිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න