Did you know?News

සීයයක් නැතුව ගහපු වැඩිම ටෙස්ට් ලකුණු

ශී‍්‍ර ලංකාව විසින් ටෙස්ට් තරගයකදී එක්දු කී‍්‍රඩකයෙකු හෝ පෞද්ගලික ලකුණු 100ක් වාර්ථා නොකර වාර්ථාකල වැඩිම ලකුණු සංඛ්‍යව ලෙස වාර්ථා වන්නෙ සියලු දෙනා දැවී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලබා ගත් 469යි. ශී‍්‍ර ලංකාව මෙම ලකුණු සංඛ්‍යව වාර්ථා කොට ඇත්තෙ එංගලන්තයට එරෙහි පලමු ඉනිමේදී 1993 වර්ෂයේ කොලඹදීය.

මෙහිදී පලමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල ලකුණු 380ක් රැුස් කිරීමට සමත් වන අතර ඊට පිලිතුරු ලෙස ශී‍්‍ර ලංකාව ඔවුන්ගේ පලමු ඉනිම සදහා ලකුණු 469ක් වාර්ථා කිරීමට සමත් විය.

මෙහි විශේෂත්වය වන්නේ මෙහිදී කිසිදු ශී‍්‍ර ලාංකික ක‍්‍රීඩකයෙකුට ශතකයක් ලබා ගැනීමට නොහැකි වීමයි. මෙම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හෂාන් තිලකරත්ත නොදැවී ලකුණු 93ක් වාර්ථා කිරීමට සමත් විය. මීට අමතරව රොෂාන් මහානාම චන්දික හතුරුසිංහ අරවින්ද සිල්වා අර්ජුන රණතුංග අර්ධ ශතක වාර්ථා කිරීමට සමත් විය.

කෙසේ වෙතත් අවසානයේ කඩුලු 5කින් මෙම තරගය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න