News

සිල්වෙස්තරය පරදා අන්තෝනි පිල KSPL කිරුල දිනාගනී

මහනුවර ප‍්‍රධාන පෙලේ පාසල් 6කගේ සහභාගීත්වයෙන් අප්‍රෙල් 6-7 දින දෙක පුරාවට අස්ගිරිය ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදී පැවති KSPL තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනි කණ්ඩායම සමත් විය.

තරගාවලිය පිරිමලුන් පිටු දැකීමෙ ක‍්‍රමයට පැවැත් වූ අතර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා ශාන්ත අන්තෝනි විදුහල අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. එහිදී පලමුව පන්දුවට පහරදුන් ශාන්ත අන්තෝනි කණ්ඩායම පන්දුවාර 17ක් තුල සියලු දෙනා දැවී රැුස්කලේ ලකුණු 105 ක් පමණි.

ඊටපිලිතුරු ලෙස ශාන්ත සිල්වෙස්තර පන්දුවාර 20 වන පන්දුවාරයේදී සියලු දෙනා දැවී ලකුණු 94ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව පලමු වරට සංවිධානය කරන ලද KSPL තරගාවලියෙ ශූරතාව දිනාගැනීමට මහනුවර ශාන්ත අන්තෝනි පිල සමත් විය.


ප්‍රතිචාරයක් ලබාදෙන්න