News

සිරාජ්ගේ පන්දුයැවීම ඉදිරියේ කොල්කටාව අසරණ වෙයි

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 39වන තරගය කොල්කටා නියිට් රයිඩර්ස් පිල හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර අබුඩාබිහිදී පැවැත්විනි. එහිදී කඩුලු 8ක පහසු ජයග‍්‍රහණයක් වාර්ථා කිරීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනාගත් කොල්කටා නායක ඉයන් මෝගන් පලමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය. කොල්කටා කී‍්‍රඩකයන්ට සාර්ථක වන්නට බැංගලෝර් පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර ලකුණු 14වන විට කඩුලු 4ක් බිද දැමීමට ඔවුන් සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ඉයන් මෝගන් ලකුණු 30ක් වාර්තා කලේය. පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් සිරාජ් ලකුණු 8කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. ඊට අමතරව යෂ්වින්ද‍්‍රර් චහල් කඩුලු දෙකක් දාවා ගැනීමට සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 85ක පහසු ඉලක්කයක් හබායාමට පිටියට පිවිසි බැංගලෝර් කී‍්‍රඩකයින් පන්දුවාර 13යි පන්දු 3කින් කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. දෙව්දත් පඩික්කල් ලකුණු 25ක් සහ ගුර්කිරාත් සිංග් නොදැවී ලකුණු 21ක් ලබා ගැනීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න