Did you know?FactsNews

ශී‍්‍ර ලාංකිකයන් තැබූ බිදීමට අපහසු ලෝක කුසලාන වාර්ථා

මහේල ජයවර්ධන

ලෝක කුසලාන තරගාවලි වල අවසන් පූර්ව තරගයක හා අවසන් මහා තරගයක ශතක වාර්ථා කල ලොව ප‍්‍රථම හා එකම ක‍්‍රීඩකයා වන්නෙ මහේල ජයවර්ධනයි. ඔහු මෙම දස්කම් දැක්වීමට සමත් වූයේ 2007 වර්ෂයේදී හා 2011 වර්ෂයේදී පැවති ලෝක කුසලාන තරගාවලි වලදීය. මෙහිදී 2007 වර්ෂයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව නොදැවී පන්දු 109කදී ලකුණු 115 ලබා ගැනීමට සමත් විය.

එමෙන්ම 2011 වර්ෂයේදී ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දීය පිලට එරෙහිව පන්දු 88 තුල නොදැවී ලකුණු 103ක් ලබා ගැනීමට සමත් විය.

චමින්ද වාස්

2003 වර්ෂයේ දකුණු අප‍්‍රිකාවේදී පැවති ලෝක කුසලාන තරගාවලියේදී බලාදේශ කණ්ඩායමට එරෙහිව පලමු පන්දු තුනෙන් කඩුලු ති‍්‍රත්වයක් ලබා ගැනීමට සමත් විය. එහිදි හනන් සර්කාර් පලමු කඩුල්ල ලෙසද මොහොමඩ් අස්ශ‍්‍රෆුල් දෙවන කඩුල්ල ලෙසද එසනුල් හක් තෙවන කඩුල්ල ලෙසද පලමු පන්දු වාරයේ පලමු පන්දු තුනෙන් දවා ගැනීමට චමින්ද වාස් සමත් විය. මෙම දස්කම දැක්වු පලමු හා එකම පන්දු යවන්නා චමින්ද වාස්ය.

ලසිත් මාලිංග

ලෝක කුසලාන තරගවල පිට පිට පන්දු 4ක් තුල කඩුලු 4ක් දවාගත් ලොව පලමු හා එකම කී‍්‍රඩකයා වන්නෙ ලසිත් මාලිංගය. ඔහු මෙම දස්කම දැක්වීමට සමත් වූයේ 2007 වර්ෂයේ බටහිර ඉන්දීය කොදෙව් හි පැවති ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිවය. එහිදී ෂෝන් පොලොක් ඇන්ඩෲ හෝල් ජැක් කලිස් හා මකායා නිට්නි දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය

කුමාර් සංගක්කාර

ලෝක කුසලාන තරගවල තරග 4කදී පිටපිට ශතක 4ක් වාර්ථා කල ලොව පලමු හා එකම කී‍්‍රඩකයා වන්නෙ කුමාර් සංගක්කාරය. මොහු මෙම දස්කම දැක්වීමට සමත් වූයේ 2015 වර්ෂයේ නවසීලන්තය හා ඔස්ටේ‍්‍රලියාවෙදී පැවති ලෝක කුසලාන තරගාවලියේදීය. එහිදී බංගලාදේශ ඔස්ටේ‍්‍රලියා එංගලන්ත හා ස්කොට්ලන්ත කණ්ඩායම් වලට එරෙහිවය

ප්‍රතිචාරයක් ලබාදෙන්න