News

ශී‍්‍ර ලංකා පිලට පාකිස්ථානයේදී ත‍්‍රස්ත තර්ජනයක්?

එලඹෙන පාකිස්ථානු සංචාරයේදී ශී‍්‍ර ලංකා පිලට ත‍්‍රස්තවාදී තර්ජනයක් ඇති විය හැකි බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සදහන් කර ඇත. එම නිසා මෙම සංචාරයට පෙර පාකිස්ථානයේ දී ශ‍්‍රී ලංකා පිලේ ආරක්ෂක තත්වය පිලිබද නැවත සලකා බලන මෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඉල්ලීමක් කොට ඇත.

කෙසේ වෙතත් එම සංචාරය සදහා සංචිත නම් කිරීම අද දින සිදු කෙරුන අතර ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් පාකිස්ථානු සංචාරයට අකමැති බව ප‍්‍රකාශ කිරීම නිසා නවකයින් ඒ සදහා නම් කිරීමට කි‍්‍රකට් ආයතනය කටයුතු කර තිබිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න