Did you know?FactsNews

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දකුණු අප‍්‍රිකාවට එරෙහි තරගාවලි ජයග‍්‍රහණයෙ වාර්ථාවන්

ශී‍්‍ර ලංකා කණ්ඩායම දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහි තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස ජයගැනීමට සමත් විය. එහිදී පලමු ටෙස්ට් තරගය කඩුලු 1කින්ද 2වන ටෙස්ට් තරගය කඩුලු 8කින්ද ජයගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකිවිය. මෙම තරගාවලි ජයග‍්‍රහයත් සමග වාර්ථා පොත් අලුත් කිරීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට හැකියාව ලැබිණි.

ලසිත් ඇඹුල්දෙණිය පලමු තරගයේ කඩුලු පහක් ලබා ගැනීම

නවක කී‍්‍රඩක ලසිත් ඇඹුල්දෙණිය ඔහුගේ මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය. එය වාර්ථා අතරට එක් වූයේ එම දස්කම දැක්වූ 4 වන ශී‍්‍ර ලාංකිකයා ලෙසය.

කුසල් පෙරේරා දකුණු අප‍්‍රිකාවෙදී ශී‍්‍ර ලාංකිකයෙකු රැුස්කල වැඩිම ලකුණු වාර්ථා කිරීම

පලමු ටෙස්ට් තරගයේදී කුසල් පෙරේරා නොදැවී ලකුණු 153ක් රැුස්කිරීමට සමත් වූ අතර එය ශී‍්‍ර ලාංකිකයෙකු විසින් දකුණු අප‍්‍රිකාවේදී වාර්තා කල වැඩිම ලකුණු ප‍්‍රමාණයයි.

සාර්ථක ලකුණු හබායාමකදී 10 වන කඩුල්ලට හොදම සබදතාව

පලමු ටෙස්ට් තරගයේදී කුසල් පෙරේරා හා විශ්ව ප‍්‍රනාන්දු එක්ව 10 වන කඩුල්ල සදහා නොබිදුනු ලකුණු 78ක සබදතාවක් ගොඩනැගීමට සමත් විය. එය සාර්ථක ලකුණු හබා යාමකදී සිවි වන ඉනිමේදී 10වන කඩුල්ලට වාර්ථා වූ ලොව හොදම සබදතාව ලෙස වාර්ථා අතරට එක්විය.

දකුණු අප‍්‍රිකාව තුල ආසියානු රටක් විසින් වාර්තා කල සාර්ථකම හඹායාම

පලමු ටෙස්ට් තරගයේදී ශී‍්‍ර ලංකාව කඩුලු 9කට ලකුණු 304ක් ලබා ගනිමින් ජයගැනීමට සමත් විය. එය වාර්ථා පොත් අතර එක් වූයේ ආසියානු රටක් විසින් දකුණු අපි‍්‍රකාවතුල හබා ගිය වැඩිම ලකුණු ප‍්‍රමාණය ලෙසය.

විශ්ව ප‍්‍රනාන්දු අම්ලා දවාගැනීම

දෙවන ටෙස්ට් තරගයේදී හෂිම් අම්ලාගේ කඩුල්ල ඔහු මුහුණ දුන් පලමු පන්දුවෙන්ම දවාගැනීමට විශ්ව ප‍්‍රනාන්දු සමත් විය. එය වාර්ථා න්‍ුයේ හෂිම් අම්ලා පලමු පන්දුවෙන්ම දැවී ගිය පලමු අවස්ථාව ලෙසය.

දකුණු අප‍්‍රිකාවේදී ටෙස්ට් තරගාවලි ජයක් ලැබූ පලමු ආසියාතික රට

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහිව ශී‍්‍ර ලංකාව තරග 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය. එය වාර්ථා වන්නෙ දකුණු අප‍්‍රිකාවට එරෙහිව ආසියානු කණ්ඩායමක් වාර්ථාකල පලමු ආසියානු කණ්ඩායම ලෙසයි. එසේම එම දස්කම දැක්වූ ලොව තෙවන කණ්ඩායමයි.

දකුණු අපි‍්‍රකාවට එරෙහිව ලැබූ දෙවන තරගාවලි ජය

ශී‍්‍ර ලංකාව හා දකුණු අප‍්‍රිකාව අතර 2018 වසරේ පැවති ටෙස්ට් තරගාවලියද ජයගැනීමට සමත් වූ අතර මෙම තරගාවලි ජයග‍්‍රහණය වාර්ථා වන්නේ ශී‍්‍ර ලංකාව දකුණු අප‍්‍රිකාවට එරෙහිව නොකඩවා ලැබූ දෙවන තරගාවලි ජයග‍්‍රහණය ලෙසයි. එසේම මෙය දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහිව නොකඩවා ලැබූ 4වන ටෙස්ට් තරග ජයග‍්‍රහණයයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න