News

ශී‍්‍ර ලංකාව තරගාවලිය සම කරයි

ශී‍්‍ර ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ඇන්ටිගුවා හිදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ‍්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් පලමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලේය.

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් ලබා ගැනීමට සමත් විය. එහිදී ආරම්භක පිතිකරුවන් යුගලය වූ ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිස්සංක පලමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 95ක් එක් කිරීමට සමත්විය. ධනුෂ්ක ගුණතිලක 56ක් හා පැතුම් නිස්සංක 37ක් රැුස්කලහ. ඊට අමතරව අෂේන් පෙරේරා ලකුණු 21කින් සහ වනිදු හසරංග නොදැවී ලකුණු 19කින් පිත්තෙන් දායකත්වය දැක්වීය. පන්දු යැවීමේදී ඩ්වේන් බ්‍රොවෝ කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 161ක ජයග‍්‍රාහි ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි කොදෙව් පිතිකරුවන් පන්දුවාර 18.4කදි සියලු ලකුණු 117කට දවා ගැනීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් විය. ලිඩ්ල් සිමන්ස් ලකුණු 21ක් සහ ඔබෙ මැකොයි නොදැවී ලකුණු 23ක් රැුස් කිරීමට සමත් විය. අනෙක් කිිසිදු පිතිකරුවෙකුට ලකුණු 20සීමාව පසුකිරීමට නොහැකි විය. පන්දු යැවීමේදී වනිදු හසරංග සහ ලක්ෂාන් සදකැන් කඩුලු 3 බැගින් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව ලකුණු 43ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් වාර්ථා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකි විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න