Did you know?FactsNews

ශී‍්‍ර ලංකාව අවසන් වරට එක්දින තරගාවලියක පලමු තරගය ජයගෙන ඇත්තෙ කවදාද

ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුගිය වසර කිහිපය තුලදී සීමිත ඔවර තරග වලදී පසුබෑමක් පෙන්නු ලබයි. දකුණු අප‍්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය වාර්ථා තබමින් 2-0 ලෙස නිම කර ජයග‍්‍රාහී මානසිකත්වයෙන් එක්දින තරගාවලියට පිවිසියද එහිදී පලමු තරගය කඩුලු 8කින් පරාජය වීමට ශී‍්‍ර ලංකාවට සිදු විය.

ශී‍්‍ර ලංකාව මෑතකදි සහභාගී වූ එක්දින තරගාවලි තුලදී එම තරගාවලි වල ඔවුන් මුහුණ දුන් පලමු තරගය බොහෝවිට පරාද වී ඇත. ඒ අනුව ශී‍්‍ර ලංකාව අවසන් වරට එක්දින තරගාවලියක පලමු තරගයම ජයගෙන ඇත්තෙ 2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේදීය. ඒ ඉන්දීය කණ්ඩාමට එරෙහිව ධර්මසාලාහිදීය. එහිදී ශ‍්‍රී ලංකා පිල ඉන්දියාවට එරෙහි තරග 3කින් සමන් විත එක්දින තරගාවලියේ පලමු තරගය කඩුලු 7කින් ජයගැනීමට සමත් විය. නමුත් ඉතිරි තරග දෙක ඉන්දියාව ජය ගත් අතර තරගාවලියේ ජය ඉන්දියාවට හිමිවිය.

ඉන් අනතුරුව පැවති බංගලාදේශ තුංකොන් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව මුහුණ දුන් පලමු තරගය සිම්බාබ්වේ පිලට පරාජය වීමට සිදු වූ නමුත් අවසානයේ එම තරගාවලිය ජය ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකිවිය.

ඉන් පසු දකුණු අප‍්‍රිකානු පිලට එරෙහි තරග 5කින් යුත් එක්දින තරගාවලියේ පලමු තරගය ශී‍්‍ර ලංකාව පරාජය විය. එසේම ඉන්පසුව පැවති ආසියානු කුසලාන තරගාවලියේ ඔවුන් මුහුණ දුන් පලමු තරගය බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පරාජය වීමට සිදු විය. එසේම එංගලන්තය සමග පැවති තරග 5කන් සමන්විත එක්දින තරගාවලියේ පලමු තරගය වර්ෂාව නිසා තීරණයකින් තොරව නිම විය. ඉන්පසුව නවසීලන්තයට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලියේද ඔවුන් මුහුණ දුන් පලමු තරගය පරාජය වීමට ශී‍්‍ර ලංකා පිලට සිදු විය.

මේ අයුරින් ශී‍්‍ර ලංකාව මෑතකාලයේ එක්දින තරගාවලි වල ඔවුන් මුහුණ දුන් පලමු තරගය ජයග‍්‍රහණය කොට නැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න