News

ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් අතීතය සහ වර්ථමානය

ICC Cricket World Cup Super League ප‍්‍රසාද ලකුණු සටහනේ ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන 12 වන ස්ථානයේ ඇත්තේ -2 ක ප‍්‍රසාද ලකුණු ප‍්‍රමාණයක් ලබා ගනිමින්. 2021 වර්ෂයේ මේ වන විට ජාත්‍යන්තර එක්දින තරග 4කට මුහුණ දී ඇති ශ‍්‍රී ලංකාව ඒ තරග 4ම පරාජයට පත්වී ඇත.

මීට වසර ගණනකට පෙර ප‍්‍රභල ස්ථානයක සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම අද ඇදවැටී ඇති තත්වය පිලිබදව සියලූම කී‍්‍රඩා ලෝලීන්ට ඇත්තෙ දැඩි කනස්සල්ලකි.
2004 වර්ෂයේ පෙබරවාරි මස සිට 2004 වර්ෂයේ ජූලි මස දක්වා ජාත්‍යන්තර එක්දින තරග 10ක් අඛණ්ඩව ජයග‍්‍රණය කරමින් මාස 5කට ආසන්න කාලයක් අපරාජිතව සිටීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් ව ඇත. එහිදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 5 වතාවක්ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය බංග්ලාදේශය පාකිස්ථානය ඉන්දියාව ඔස්ටේ‍්‍රලියාව එක් වතාව බැගින්ද පරාජය කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්විය. ඉන් අතරුවද එක් තරගයක පරාජයකින් පසුව නැවත වරක් නොකඩවා එක්දින තරග 7ක් ජයගැනීමට සමත් වී ඇත්තෙ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම 5 වතාවක්ද ඉන්දියාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් එක් වතාව බැගින්ද පරාජය කරමින්.

ඒ ආකරයෙන්ම නැවතත් 2014 වර්ෂයේදීද නොකඩවා ජාත්‍යන්තර එක්දින තරග 10ක් ජයග‍්‍රණය කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව ඇත. එහිදී බංග්ලාදේශයට එරෙහිව 4වරක්ද පාකිස්ථානයට එරෙහිව 3වරක්ද ඉන්දියාව ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට එරෙහිව එක් වතාවක් බැගින්ද ජයග‍්‍රහණ වාර්ථා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න