News

ශී‍්‍ර ලංකාවට ගඩාෆි කී‍්‍රඩාංගනයේදී මොකද උනේ

ශී‍්‍ර ලංකාව හා පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. මෙම කී‍්‍රඩාංගනය ශී‍්‍ර ලංකා කණ්ඩායමට විශේෂ කී‍්‍රඩාංගනයක් ලෙස සදහන් කල හැකි අතර අවසන් වරට විස්සයි විස්ස තරගයක් මෙම කී‍්‍රඩා පිටියේ පවත්වා ඇත්තේද ශ‍්‍රි ලංකාව හා පාකිස්ථානය අතරය. ඒ 2017 වර්ෂයේ ඔක්තෝබර් 17 වනදාය. එම තරගයෙන් ලකුණු 36ක ජයක් වාර්ථා කිරීමට පාකිස්ථානු පිල සමත් විය.

මෙම කී‍්‍රඩාංගනය කරුණු කීපයක් නිසා ශ‍්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වේ. එනම්,

1996 වර්ෂයේ පැවති ලෝක කුසලාන අවසන් මහා තරගය මෙම කී‍්‍රඩා පිටියේදී පැවැත් වූ අතර එහිදී ප‍්‍රබල ඔස්ටේ‍්‍රලියානු පිල පරදවමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලානය ජය ගැනීමට සමත් විය.

එසේම 2009 වර්ෂයේදී ශී‍්‍ර ලංකාව හා පාකිස්ථානය අතර පැවති තරගයකදී ශ‍්‍රී ලංකා පිල විසින් පාකිස්ථානු පිල ලකුණු 75කට දවාගැනීමට සමත් වූයේ ශී‍්‍ර ලංකා පිල කඩුලු 05 කට රැුස්කල 309ට පිලිතුරු වශයෙනි. ඒ අනුව ශී‍්‍ර ලංකාවට 234ක විශිෂ්ට ජයක් හිමිවිය. එය මෙම ක‍්‍රීඩාංගනයේදී කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යවයි

2009 වර්ෂයේ මෙම කී‍්‍රඩාපිටියේ පැවැති අවසන් ටෙස්ට් තරගය පැවැත් වුනේද ශී‍්‍ර ලංකාව හා පාකිස්ථානය අතරය. අවාසනාවකට මෙම තරගය ශී‍්‍ර ලංකා පිලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් නිසා නතරකර දැමුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න