News

ශී‍්‍ර ලංකාවට ඉන්දියාවේදී T20 තරගාවලියක්

ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර විස්සයි විස්ස තරග 3කින් සමන්විත තරගාවලියක් සංවිධානය කිරීමට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර ඇත. මෙම තරගාවලිය 2020 වසරේ ජනවාරි මස පැවැත් වීමට තීරණය කර ඇති අතර 5, 7, 10 යන දිනයන්හිදී ගුවාහටී ඉන්දෝර් හා පුනේ යන කී‍්‍රඩාංගන වල තරග පැවැත්වීමට සූදානම් කර ඇති බව වාර්ථා වෙයි. මෙම තරගාවලිය මගින් දෙරටේ කී‍්‍රඩකයන්ට එලඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා පුහුණුවක් ලබා ගැනීමේ අරමුණින් සංවිධානය කරන බවද ඔවුන් සදහන් කර සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න