News

විනයක් නැති කී‍්‍රඩකයින් සමග පිරිහෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට්

ශී‍්‍ර ලංකා කණ්ඩායම් උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුලු රකින කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ල එංගලන්ත සංචාරය අතරතුර ඩර්හැම් නගරයේ වීදියක රාතී‍්‍ර කාලයේ හැසිරෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය වල පැතිර යමින් පවති. ඒ වගේම ධනුෂ්ක ගුණතිලකද ඔවුන් සමග සිටින තවත් වීඩියෝවක්ද සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ. ඒම වීඩියෝ කුසල් මෙන්ඩිස් මත්ද‍්‍රව්‍ය භාවිතා කරන ආකාරයක් දක්නට ලැබීම කණගාටුවට කරුණකි.

කොරොනා වසංගත තත්වය සමග ජෛව බුබුලු සංකල්පය යටතේ කී‍්‍රඩකයන් සංචාරයේ නිරත වන අතර මේ වන විට මෙම කී‍්‍රඩකයන් මෙම සංකල්පයට පිටින් ගොස් කණ්ඩායමද අවධානමකට හෙලා අවසානය.

පසුගිය ජනවාරි මස පැවති එංගලන්ත කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරයේදී ක‍්‍රීඩා වෛද්‍යවරියක් සමග ලිංගික විෂමාචාර කි‍්‍රයාවක් වාර්ථා වූ අතර එම අවස්ථාවේදී කී‍්‍රඩකයන් වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමේ ප‍්‍රධන පුහුණුකරු මිකී ආතර් සිය නිල ගිණුමේ සටහනක් තබමින් පැවසුමේ ජෛව බුබලක් තුල මෙවැනි දේ සිදු විය නොහැකි බවයි.

නමුත් ක‍්‍රිඩකයින් පුහුණුකරුගේ ඇසට වැලිගසා ඇති බව නැවතත් ඔප්පු වී හමාරය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න