News

වසරේ දකෂතම විස්සයි 20 පිතිකරු තිසර පෙරේරා

නිමාවට පත් වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සම්මාන උලලේදී වසරේ දක්ෂතම විස්සයි විස්ස පිතිකරු සම්මානය දිනා ගැනීමට තිසර පෙරේරා සමත් විය. මෙවර සම්මාන රාති‍්‍රයට එක් වෙමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සදහන් කලේ මෙවර අන්තර්ජාතික මට්ටමේ දස්කම් පදනම් කොටගෙන ලබා දෙන සම්මානයන් සදහා 2018 වසරේ අගෝස්තු මස සිට 2019 වසරේ අගෝස්තු මස දක්වා කාලය අතර කී‍්‍රඩකයන් අන්තර්ජාතික මට්ටමේ තරග වලදී දැක්වූ දස්කම් පදනම් කොට ගෙන මෙම සම්මානයන් පිරිනමන බවයි.

ඒ අනුව තිසර පෙරේරාගේ මේ කාල සීමාව පිලිබද සලකා බැලීමේදී මොහු මෙම කාලය තුලදී සහභාගී වී ඇත්තෙ අන්තර්ජාතික විස්සයි විස්ස තරග 06කට පමණි. එම තරග 6දී පිලිවෙලින් ලකුණු 00 57 43 19 22 08 රැුස් කොට ගෙන ඇත. ඒ අනුව එම තරග වලදී ලකුණු 149 ක් රැුස්කොට ගෙන ඇති අතර ඒ එක් තරගයකදී ලකණු ලබා ගැනීමේ සාමාන්‍ය 24.83 ක අගයක් රදවා ගනිමිනි. තිසර පෙරේරා අවසන් වරට ශ‍්‍රී ලංකා පිල නියෝජනය කර ඇත්තේ 2019 වසරේ මාර්තු මසය.

මෙම වසරේ වැඩිම විස්සයි විස්ස ලකුණු ලාභියා වන්නෙ ඉසුරු උදානය ඒ තරග 9කදී ලකුණු 185ක් රැුස්කරගනිමිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න