News

වයස 30 නම් කි‍්‍රකට් බැරිද

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නවක ක‍්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් සහ 2023 ලෝක කුසලානය වෙනුවෙන් නව කණ්ඩායමක් සැලසුම් කිරීමේ අරමුණින් ජේෂ්ඨ කී‍්‍රඩකයින් ඉවත් කර පසුගිය බංග්ලාදේශ සහ එංගලන්ත සංචාරයන් සදහා තරුණ කි‍්‍රඩකයන් කණ්ඩායමට ඇතුළත් කර තිබිණි. ඒ අනුව තරගාවලි දෙකම පරාජය වීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදුවිය.

බංග්ලාදේශය සිම්බාබ්වේ වැනි සංචාරයන්හිදී නවක කී‍්‍රඩකයන්ට අවස්ථාව ලබා දීම සාමාන්‍යයෙන් මෙරට එදා පටන්ම දක්නට ලැබුණි. නමුත් එංගලන්තය ඔස්ටේ‍්‍රලියාව වැනි සංචාරයන්ගේ ජයග‍්‍රහණය අපේක්ෂා කරන විට ඒ සදහා සෑම විට යොදා ගන්නේ අත් දැකීම් බහුල ජේෂ්ඨ කී‍්‍රඩකයන්ගෙන් සහ දක්ෂතා අතර සිටින නවක කී‍්‍රඩයන්ගෙන් සමන්විත සංචිතයකි.

නමුත් මෙවර එංගලන්ත සංචාරය සදහා නම් කරතිබු සංචිතය තුල එවැනි තත්වයක් දක්නට නොලැබිණි. එහි ප‍්‍රථිඵලය වුනේ විස්සයි විස්ස තරගාවලිය මෙන්ම එක්දින තරගාවලියද ලැජ්ජා සහගත ලෙස පරාජයට පත්වීමයි.

නසිර් හුසෙයින් තරගය අතරතුර ප‍්‍රකාශ කලේ එංගලන්ත සංචිතයේ සිටින කී‍්‍රඩයින් 4දෙනෙකු හැර අනෙක් සියලුම කී‍්‍රඩකයින් වයස 30ට වඩා වැඩි කී‍්‍රඩකයින් බවයි. එසේම පසුගිය දා නිමා වූ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගාවලිය සදහා වයස අවුරුදු 41ක් වන කි‍්‍රස්ගේල් අවුරුදු 37ක් වන ඩ්වේන් බ‍්‍රාවෝ වයස අවුරුදු 39ක් වන ෆිඩෙල් එඩ්වර්ඩ්ස් වැනි කී‍්‍රඩකයින් නම් කර තිබුණි. එසේම කණ්ඩායම් නායක කිරන් පොලාඩ් මේ වන විට වයස අවුරුදු 34කි. ඒ ඔවුන් මෙම වර්ෂයෙ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා සූදානම් වනවා නිසා විය යුතුය.

අත්දැකීම් බහුල කී‍්‍රඩකයින් සමග නවක කී‍්‍රඩකයින් කී‍්‍රඩා කිරීමෙන් නවක කී‍්‍රඩකයන්ට අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලැබේ. නමුත් නිමා වූ තරගාවලි දෙක දෙස බලන විට එවැනි අවස්ථාවක් ඔවුන් තිබුනේ දැයි සැකයක් ඇත. නවක කී‍්‍රඩකයින් හට අනවශ්‍ය පීඩනයක් ඇති වූ බව නම් දක්නට තිබිණි.

කෙසේ වෙතත් මෙවර 20-20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයද මුහුණ දීමට සිදුව ඇති ශී‍්‍ර ලංකාව තවමත් අත්හදා බැලීම් කරමින් සිටීම නම් කණගාටුවට කරුණකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න