News

ලසිත් මාලිංග ලෝකෙන්ම 4 වෙනිය

ශී‍්‍ර ලංකාව හා එංගලන්තය අතර පැවති තරගයේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූයේ තරගයේ වීරයා සම්මානයද තමන් සතු කර ගනිමිනි.

මෙහිදී කඩුලු 4ක් දවාගැනීමත් සමග ලසිත් මාලිංග විසින් ලෝක කුසලාන තරග වල කඩුලු 50 සීමාව පසු කිරීමටද සමත් විය. ඒ අනුව මේ වන විට ඔහු විසින් ලෝක කුසලාන තරගාවලි වලදී ලභාගෙන ඇති මුලු කඩුලු සංඛ්‍යව 51කි. ඔහුට ඉදිරියෙන් ඇත්තෙ වසිම් අක‍්‍රම් මුත්තයියා මුරලිදරන් හා ග්ලේන් මැග‍්‍රාත් පමණි. ඒ අනුව ලසිත් මාලිංග ලෝක කුසලාන තරග වල වැඩිම කඩුලුලාභීන් අතර සිව්වන ස්ථානයේ පසුවෙයි. මෙහිදී ලසිත් මාලිංගට තරග 26දී කඩුලු 50 සීමාව පසුකරමින් එම දස්කම අඩුම තරග සංඛ්‍යවකදී වාර්ථා කිරීමට සමත් වූ කී‍්‍රඩකයා බවට පත්ව ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න