News

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියට කී‍්‍රඩකයන් තේරීම අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් තෝරා ගැනීම අද (19 වැනිදා) ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 4ට ආරම්භවන බව කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි. මෙය අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත වාර්තාවෙයි.

මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීම ඒ ඒ කණ්ඩායම් අයිතිකරුවන්ල පුහුණුකරුවන් හෝ කණ්ඩායම්හි හිමිකාරීත්වය විසින් නම් කරන ලද පිරිසක් විසින් සිදුකරන අතරල කුසපත් ඇදීමකින් අනතුරුව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ඔවුනට හිමිවනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න