News

ලංකාවට ආ මොයින් අලීට කොරොනා

ශී‍්‍ර ලංකාව හා එංගලන්තය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා පසුගියදා දිවයිනට පැමිණි එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක මොයින් අලීට කොරෝනා වෛරය ආසාදනය වී ඇති බව එංගලන්ත කි‍්‍රකට් ආයතනය තහවුරු කොට ඇත. ඒ පසුගිය ජනවාරි 3වනදා හම්බන්තොටදී සිදු කල PCR පරීක්ෂණයෙන් අනතුරුවයි. ඒ අනුව මොයින් අලී දින 10ක නිරෝධායනය සදහා යොමු කරන බවත් ඔහුගේ ආශ‍්‍රීතයෙක් ලෙස කි‍්‍රස් වෝල්ක්ස්ද නිරෝධායනයට යොමු කොට ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න