News

රාජස්ථාන් පිලට කඩුලු හතක ජයක්

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 37වන තරගය අබුඩාබි හිදී රාජස්ථාන් රෝයල් පිල හා චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර පැවැත්විණි. තරගයේ ජයග‍්‍රහණය කඩුලු 7කින් හිමි කරගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි පිලේ නායක මහේන්ද‍්‍ර සිං දෝනි පලමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර පන්දුවාර 20 අවසානයේ ඔවුන් කඩුලු 5ක් දැවී ලකුනු 125ක් ලබා ගැනීමට සමත් විය. කිසිදු පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර වන්නට රාජස්ථාන් පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර සබදතා ඇති වීමට පෙර කඩුලු දවා ගැනීමට ඔවුන් සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රවින්ද‍්‍ර ජඩේජා නොදැවී ලකුණු 35ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 126ක පහසු ඉලක්කයක් හබා යැමට පිටියට පිවිසි රාජස්ථාන් පිලට සාර්ථක ආරම්බයක් ලබා ගැනීමට නොහැකි විය. ලකුණු 28වන විට කඩුලු 3ක් බිද වැටුණි. නමුත් ඉන්පසුව පිටියේ එක් වූ ස්ටීවන් ස්මිත් සහ ජොස් බට්ලර් සිව් වන කඩුල්ල වෙනුවෙන් නොබිදුනු ලකුණු 98ක් ජයග‍්‍රාහි සබදතාවක් ගොඩනැගීමට සමත් විය. එහිදී ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 26ක් සහ ජොස් බට්ලර් නොදැවී ලකුණු 70ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව රාජස්ථාන් පිල පන්දුවාර 17යි පන්දු 3කින් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 126ක් ලබා ගනිමින් ජයග‍්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න