News

මෙරලිබෝන් පිල සමග සංගක්කාර පාකිස්ථානයට

ශී‍්‍ර ලංකා හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායක මෙන්ම වර්තමාන මෙරලිබෝන් ක‍්‍රිකට් සංගමයේ සභාපති කුමාර සංගක්කාරගෙ නායකත්වයෙන් දොලෙස්දෙනෙකුගෙන් යුත් මෙරලිබෝන කි‍්‍රකට් පිල සතියක කාලයක පාකිස්ථානයේදී විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වීම සදහා පාකිස්ථානයට ගොස් ඇත. ඒ අනුව මෙම තරගාවලිය විස්සයි විස්ස තරග 3කින් හා එක් එක්දින තරගයකින් සමන්විත වන අතර තරගාවලිය පෙබරවාරි 14 වන දින ලාහෝර් හිදී ආරම්භ වෙයි. මෙම තරග පාකිස්ථාන දේශිය කණ්ඩායම් 4ක් සමග පැවැත්වෙන අතර තරගාවලිය 19 වනදා තෙක් කි‍්‍රයාත්මක වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න