News

මුරලිගේ ඉල්ලීමෙන් 800 චිත‍්‍රපටියෙන් සේදුපති ඉවත්වෙයි

මුත්තයියා මුරලිදරන්ගේ ජීවිතකතාව අලලා නිර්මාණය කිරීමට බලාපොරොත්තු 800 චිත‍්‍රපටියේ මුරලිදරන්ගේ චරිතයට පනපෙවීමට සිටි දකුණු ඉන්දීය සිනමා තරුවක් වන විජේ සේදුපති ඉන් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ බව ඔහුගේ නිල ටිවිටර් ගිණුමේ මුත්තයියා මුරලිදරන් විසින් ඔහුට එවා ඇති ලිපියක් ස්තූතියි ආයුබෝවන් යන තේමාව යටතේ පල කර දන්වා ඇත.

එම ලිපියට අනුව මුත්තයියා මුරලිදරන් විසින් සදහන් කර ඇත්තෙ අනාගතයේදී විජේ සේතුපතිට කිසිදු බාධාවක් නොවිය යුතුය යන්නයි. මෙම චිත‍්‍රපටයට සම්බන්ධ වීමෙන් පසුව සේදුපති හට ඉන්දීය ජනතාවගේ විරෝධයක් එල්ල වූ අතර සමාජමාධ්‍ය වල #shameonVijaySethupathi යන්න ජනප‍්‍රිය වන්නට විය. මේ හේතුව නිසා 800 චිත‍්‍රපටයෙන් ඉවත් වන ලෙස මුත්තයියා මුරලිදරන් විජේ සේදුපතිගෙන් ඉල්ලා ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න