News

මිකි ආතර් LPL විස්තර විචාරයෙන් ඉවත් වෙයි

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කල ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් විස්තර විචාරක කටයුතු වලින් ඉවත්ව ඇත. ඒ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ එළඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරයදී පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ මෙම තරගාවලිය වෙනුවෙන් දකුණු අපි‍්‍රකාවේ සූදානම පිලිබදව සොයා බැලීම සදහායි. මේ සදහා ඔහු සමග වෛද්‍ය විශේෂඥයෙක්ද සහභාගී වීමට නියමිතය. මේ පිලිබව මිකී ආතර ඔහුගේ නිල ට්විටර් ගිණුමේද සටහනක් තබා තිබිණි.
දෙසැම්බර් 26 වන දින ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම එළඹෙන සතියේ දකුණු අපි‍්‍රකාව බලා පිටත් යාමට නියමිතය. මෙම තරගාවලිය පැවැත්වෙන්නෙ දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලිය කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා අවලංගු කල පසුබිමකය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න