News

මහේල ජයවර්ධනට අලුත් තනතුරක්

එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන The Hundred තරගාවලියේ සවුතැම්ටන් පළාත පදනම් කරගත් පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කර තිබේ. මීට පෙර ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණු කරු ලෙසද බංගලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේ කුල්නා ටියිටනස් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කර ඇති අතර එංගලන්ත ජාතික කණ්ඩායමේ පිතිකරන උපදේශක වරයෙක් ලෙසද කටයුතු කර ඇත.

මෙම The Hundred තරගාවලිය නව මුහුණුවරකින් පැවැත්වෙන අතර එක් කණ්ඩායමක් පන්දු 100කට මුහුණ දෙන අතර මෙම තරගාවලිය සඳහා අනුමැතිය හිමි වූයේ එංගලන්ත වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ 2017 වසරේ පැවති ඡන්ද විමසීමකින් පසුවය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න