News

මහේල ජයවර්ධනගෙන් ෆේස්බුක් වීරයන්ට පිලිතුරක්

ශ‍්‍රී ලංකා හිටපු ටෙස්ට් නායකයින් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර ඉන්දියාවේ සංවිධානය කර ඇති රෝඩ් සේෆ්ටි වර්ඩ් සීරිස් තරගාවලියේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ශී‍්‍ර ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට සහභාගි නොවීම පිලිබදව විවේචනාත්මක ලෙස ලියු සටහනක් සමාජ මාද්‍ය ඔස්සේ මේ දින වල සංසරණය වන දක්නට ලැබුනි.

මෙම සටහනට පිලිතුරු සපයමින් ශ‍්‍රී ලංකා හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තැබීමට කටයුතු කර තිබුණි. එහි ඔහු සදහන් කර සිටියේ මෙම තරගාවලිය ඉන්දියාවේ මාර්ග ආරක්ෂාව ප‍්‍රවර්ධනය වෙනුවෙන් සංවිධානය කර ඇති ප‍්‍රදර්ශනාත්මක තරගාවලියක් වන බවත් එය ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් නොවන බවත්ය. එසේම ඒ සදහා සහභාගි වන කී‍්‍රඩකයින් සදහා යම් ගෙවීමක් සිදු කරන බවද ඔහු සදහන් කර සිටී. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සටහන් කර ඇත්තෙ ඔහුට මෙම කාල සීමාව තුල තම පවුලේ කටයුතු සදහා සහභාගි වීමට ඇති බවත් මේ නොමග යවන සුලු සටහන නිවැරදි කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න