News

මනිෂ් පාන්ඩේගේ සුපිරි ඉනිමෙන් හයිද‍්‍රබාද් පිලට ජය ගෙනෙයි

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 40වන තරගය සන්රයිසස් හයිද‍්‍රබාද් පිල හා රාජස්ථාන් රෝයල්ස් පිල අතර ඩුබායිහිදී පැවැත්විනි. එහිදී කඩුලු 8ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් වාර්ථා කිරීමට සන්රයිසස් හයිද‍්‍රබාද් පිල සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනාගත් හයිද‍්‍රබාද් නායක ඩේවිඩ් වෝනර් පලමුව පන්දුයැවීමට තීරණය කලේය. හයිද‍්‍රබාද් ආරාධනයෙන් පිටියට පිවිසි රාජස්ථාන් කී‍්‍රඩකයින් පන්දුවාර 20 තුල කඩුලු 6ක් දැවී ලකුණු 154ක් ලබා ගැනීමට සමත් විය. එහිදී සංජු සැම්සන් ලකුණු 36ක් සහ බෙන් ස්ටෝක් ලකුණු 30ක් රැුස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් කඩුලු 3ක් බිදහෙලීය.

ජයග‍්‍රහණය සදහා ලකණු 155ක ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි හයිද‍්‍රබාද් පිතිකරුවන්ට සාර්ථක ආරම්බයක් ලබා ගැනීමට රාජස්ථාන් පන්දු යවන්න කී‍්‍රකඩ ජොෆ්ර ආචර් ඉඩලබා නොදුන් අතර ආරම්භක පිතිකරුවන් දෙදෙනාම මුලු ලකුණු සංඛ්‍යාව 16ක් වන විට නැවත් කී‍්‍රඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය. නමුත් ඉන්පසුව පිටියේ එක් වූ මනීෂ් පාණ්ඩ්‍යා සහ විජය ශංකර් එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් නොබිදුනු ලකුණු 140ක ජයග‍්‍රාහී සබදතාවක් ගොඩනැගීමට සමත් විය. එහිදී විශිෂ්ඨ පිතිහරණයක යෙදුනු මනීෂ් පාණ්ඩ්‍යා පන්දු 47කින් නොදැවී ලකුණු 83ක් සහ විජය ශංකර් නොදැවී ලකුණු 52ක් ලබා ගැනීමට සමත් විය. පන්දුවාර 18යි එක් පන්දුවකින් ලකුණු 156ක් රැුස්කල හයිද‍්‍රබාද් කී‍්‍රඩකයින් තරගය ජය ගැනීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න