News

බංගලාදේශ ඒ කණ්ඩායමට එරෙහිව කමිදුගෙන් කැපී පෙනෙන දස්කම්

ශී‍්‍ර ලංකා ඒ කණ්ඩායම හා බංගලාදේශ ඒ කණ්ඩායම අතර පැවති සිව්දින තරගාවලිය හා එක්දින තරගාවලිය නිමාවට පත් වූයේ සිව්දින තරගාවලිය ජයපරාජයෙන් තොරව සහ එක්දින තරගාවලිය බංගලාදේශ ඒ කණ්ඩායමට ජයග‍්‍රහණය අත්කර දෙමිනි.

නමුත් මෙම තරගාවලිය පුරාවටම පිත්තෙන් දස්කම් පෑමට කමිදු මෙන්ඩිස්ට හැකියාව ලැබුනී.

ඒ අනුව සිව්දින තරගාවලියේදී තරග දෙකකදී ඉනිම් 03ක් තුල ලකුණු 298ක් වාර්ථා කිරීමට කමිදු මෙන්ඩිස්ට හැකියාව ලැබුනු අතර එයට ශතකයක් හා අර්ධ ශතක දෙකක් ඇතුලත් විය. පලමු තරගයේදී ලකුණු 169ක් ලබා ගනිමින් ඔහු සිය පලමු පෙල තරගවල වැඩිම ලකුණු වාර්ථා කිරීමටද සමත් විය.

ඉන් අනතුරුව පැවති එක්දින තරගාවලියේදී කමිදු තරග 03ක් තුල ලකුණු 139ක් වාර්ථා කිරීමට සමත් වූයේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 46.33 මට්ටමක රදවා ගනිමිනි. මෙහිදී ද අර්ධ ශතක දෙකක් ලබා ගැනීමට ඔහු සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න