NewsOn This Day

පෙබරවාරි 19 – අසේල ගුණරත්නගෙ අමතක නොවන ඉනිම

අසේල ගුණරත්න විස්සයි විස්ස වැඩිම ලකුණු වාර්ථා කරයි

2017 වසරේ පෙබරවාරි 19 වන දින ශී‍්‍ර ලංකාව ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයග‍්‍රහණයක් වාර්ථා කිරීමට සමත් විය. ජයග‍්‍රහණය සදහා ලකුණු 174 ඉලක්කයක් හබා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම එක් අවස්ථාවක ලකුණු 40 කට කඩුලු 5ක් බිද වැටී දැඩි අසීරුතාවයකට පත් වී සිටිය අතර අසේල ගුණරත්න විස්සයි විස්ස තරග වල ඔහුගේ වැඩිම ලකුණු රැුස්කර ගනිමින් ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය කරා මෙහෙය වීමට සමත් විය. අසේල ගුණරත්න මෙහිදී පන්දු 46ක් තුල නොදැවී ලකුණු 84 ක් රැුස්කිරීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න