News

පි‍්‍රයමාල් පෙරේරා ලෝකෙන්ම 67ත් වෙනියා වෙයි

ශී‍්‍ර ලංකාව හා දකුණු අප‍්‍රිකාව අතර පැවති සිව් වන ජාත්‍යන්තර එක්දින තරගයේදී එක්දින වරම් හිමිකරගත් පි‍්‍රයමාල් පෙරේරා එහිදී ඔහු මුහුණ දුන් පලමු පන්දුවෙන්ම ලුන්ගි ඉන්ගිඩි යැවූ පන්දුවකට කඩුලු රකින කී‍්‍රඩක ඩී කොක් අතට උඩපන්දුවක් ලබා දෙමින් ලකුණු නොලබාම දැවී ගියේය.

මේ අයුරින් මංගල එක්දින තරගයේදී පලමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගිය ලොව 67වන කී‍්‍රඩකයා බවට ප‍්‍රියමාල් පෙරේරා පත් වූ අතර 6වන ශී‍්‍ර ලාංකික ක‍්‍රිකට් කී‍්‍රඩකයා බවටද පත්විය. මීට පෙර රුචිර පෙරේරා, අකලංක ගනේගම, ප‍්‍රසන්න ජයවර්ධන, තරිදු කෞෂාල් හා කසුන් රජිත මේ ආකාරයෙන් දැවී ගිය ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් වාර්ථා අතරට එක්ව ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න