News

පාස්කු ප‍්‍රහාරයෙ අමිහිරි මතක සමග පාකිස්ථානයට ගිය දසුන් ශානක

පසුගිය අපේ‍්‍රල් මස 21 වන දින ශ‍්‍රී ලංකාවේ කතෝලික පල්ලි ඉලක්ක කොට
එල්ල කල පාස්කු ප‍්‍රහාරයේදී දසුන් ශානකගේ මව සහ මිත්තනිය තුවාල ලැබීය. ඊට පෙර දින විනෝද චාරිකාවකට සහභාගී වීම නිසා දසුන් ශානක එදින උදෑසන දෙවමෙහෙයට සහභාගී නොවූ නිසා ඔහුට කිසිදු අනතුරක් සිදු නොවීය.

ඉන් මාස 05ක් ගත වන තැත ඔහුට ශ‍්‍රී ලංකා පිලේ පාකිස්ථානු සංචාරයේදී විස්සයි විස්ස නායකත්වය හිමිවිය. ඒ ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රවීන කී‍්‍රඩකයින් පාකිස්ථානයේ සංචාරය කිරීමට අකමැති බව පැවසූ පසුබිමකය. එසේ නායකත්වය හිමි වූ දසුන් ශානකහට ශ‍්‍රී ලංකා කණ්ඩායමට පාකිස්ථානයට එරෙහිව වාර්ථාකල පලමු විස්සයි විස්ස තරගාවලි ජයග‍්‍රහණය කරා කණ්ඩායම මෙහෙය වීමට හැකිවිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න