News

පාකිස්ථානයට ගිය හතරක් හැලේ. මැතිව්ස් තිසර විසිවේ

ශ‍්‍රී ලංකාව හා ඔස්ටේ‍්‍රලියාව අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට 16 දෙනෙක්ගෙන් සමන්විත ශ‍්‍රී ලංකා සංචිතයට අද දින නම්කෙරුන අතර ඒ සදහා කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව ඇත.

ආරක්ෂක හේතුන්මත පාකිස්ථාන සංචාරයට සහභාගි නොවු කී‍්‍රඩකයින් දස දෙනාගෙන් කී‍්‍රඩකයින් සිව් දෙනෙකු පමණක් මෙම සංචිතයට ඇතුලත්ව ඇති අතර ඒ ලසිත් මාලිංග, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල යන කී‍්‍රඩකයන්ය. ඒ අනුව පාකිස්ථාන සංචාරයට එක් වූ මිනෝද් භානුක, ළහිරු මධුසංක, ඇන්ජලෝ පෙරේරා, සධීර සමරවික්‍රම යන කී‍්‍රඩකයන්ට සිය ස්ථාන අහිමිව ඇත. මෙම සංචිතයේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇත.

මෙහි විශේෂත්වය නම් අත්දැකීම් සහිත ඇන්ජෙලෝ මැතිව්ස් තිසර පෙරේරා දිනේෂ් චන්දිමාල් සුරංග ලක්මාල් වැනි කී‍්‍රඩකයන්ට සිය ස්ථාන අහිමිව යාමයි.

ශ්‍රී ලංකා විස්සයි-20 පිල – ලසිත් මාලිංග (නායක), කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ඉසුරු උදාන, කසුන් රජිත

ප්‍රතිචාරයක් ලබාදෙන්න