News

පාකිස්තානයේ ආරක්ෂාව පිලිබද ශ්‍රී ලංකාවෙ ක්‍රීඩකයන්ගෙන් සහතිකයක්

පාකිස්තානය සමග පැවති එක්දින හා විස්සයි විස්ස තරගාවලිය එක්දින තරගාවලිය පාකිස්තානයටද විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාවටද ජයග්‍රහණය හිමිවෙමින් සාර්ථක ලෙස නිමා විය. තරගාවලිය අවසානයේ ශ්‍රි ලංකා විස්සයි විස්ස කණ්ඩායම් නායක දසුන් ශානක සදහන් කර සිටියේ පාකිස්තානයේ ආරක්ෂාව පිලිබද සෑහීමකට පත්විය හැකි බවයි. ඊට අමතරව තරගාවලියෙන් අනතුරුව ක්‍රීඩකයන් සිය නිල Twitter ගිණුම් හරහාද මේ පිලිබදව සටහන් තබා තිබිණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න