News

පන්දුවාර 5හේ තරගයේ ජය කොළඹට

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 4වන තරගය Colombo Kings පිල හා Galle Gladiators පිල අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගනයේදී පැවති අතර තරගයට වර්ෂාවෙන් බාදි වීම නිසා තරගය පන්දුවාර 5කට සීමා විය. ඒ අනුව තරගයේ කාසිය වාසිය දිනා ගත් ගාලු කණ්ඩායම පලමුව පන්දුයැවීමට තීරණය කලෙය.

ඒ අනුව පිටියට පිවිසි කොලඹ කණ්ඩායම පන්දුවාර 5 අවසානයේ ලකුණු එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 96ක් ලබා ගැනීමට සමත් විය. එහිදී ඇන්ඩේ‍්‍ර රසල් පන්දු 19කින් හතරේ පහරවල් 9ක් සහ හයේ පහරවල් 4ක් සමග නොදැවී 65 ක් ලබා ගැනීමට සමත් විය.

පිලිතුරු ඉනිම කී‍්‍රඩා කිරිමට පිටියට පිවිසි ගාලු පිල පන්දුවාර 5 අවසානයේ කඩුලු 2කට ලකුණු 62ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව ලකුණු 34ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට කණ්ඩායම සමත්විය. පන්දු 19කින් ලකුණු 65ක් රැුස්කල ඇන්ඩේ‍්‍ර රසල් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න